ශ්‍රී ලංකා පිළ පැරදුනේ පාන්දර වෙනකම් මත්පැන් බීලා ද?

null

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වුණ විස්සයි විස්ස දෙවන සහ අවසන් කි‍්‍රකට් තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

මෙම සංචාරයේදී එක්දින තරඟාවලිය, ටෙස්ට් තරඟාවලිය මෙන්ම විස්සයි විස්ස තරඟ 2ක ද ජයග්‍රහණය කළේ නවසීලන්ත කණ්ඩායමයි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වුයේ එක එක්දින තරඟයක ජයක් පමණයි.

තරඟය පැවැත්වුණු නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව මේ වන විට අයහපත් තොරතුරු වාර්තා වෙමින් තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ඕක්ලන්ඞ්හි ජිවත් වන ශ්‍රී ලාංකිකයන් තම ෆේස්බුක් ගිණුම්වල සඳහන් කර ඇත්තේ එහි වේලාවෙන් අද(10)අලුයම 2.00 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් මත්පැන් බී විනෝද වූ බවයි.

ක්‍රයිස්චර්ච් හි ලාංකිකයන් සමග ද මත්පැන් සාද පැවැත්වූ බවත් එක් ක්‍රීඩකයෙක් ගෙන් ඊළඟ දවසේ match එක ගහන්නේ කොහොමද ඇසූ විට “දොළහ වෙනකං නිදි මැරුවට බෝලේ හුරුයිනේ” යනුවෙන් පැවසූ බවත් තුෂාර දිසානායක නම් වන එරට සිටින ලාංකිකයෙක් ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා පිළේ කළමනාකරු සම්බන්ධයෙන් ද එරට සිටින ලාංකිකයන් සිය අප්‍රසාදය පළ කර ඇති අතර ජෙරම් ජයරත්න පුහුණුකරුවා ලබා දෙන උපදෙස් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිවුස් පිළිනොගන්නා බව ද පෙන්වා දෙයි.

null

null

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>