03 May 2015
Home » What's Hot? » ශ්‍රී ලංකා සංචාරය අනවශ්‍ය ඇගිලි ගැසීම් සදහා නොවෙයි
ශ්‍රී ලංකා සංචාරය අනවශ්‍ය ඇගිලි ගැසීම් සදහා නොවෙයි
Posted in What's Hot? By Reporter On May 3, 2015තමා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ කටයුතු වලට ඇගිලි ගැසීමට නොව ශ්‍රී ලංකාවේ පවත්නා යහපාලනය, ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් ඇති වු සතුටුදායක තත්වය නිසා බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.
ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී, මාධ්‍යවේදිනියක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් විමසා සිටියේ ඔහුගේ නිල සංචාරය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට බලපෑම් කිරීමේ අරමුණින් සිදුවන්නක් බවට එල්ලවන චෝදනාවන්ට ලබාදෙන්නේ කිනම් ප්රතිචාරයක්ද යන්නයි.
ඊට පිළිතුරු ලෙසින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම මෙහිදී ඇමරිකා ජනපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාවේ සංචාරයකට එනු ඇති බවටද ඔහු සඳහන් කර තිබේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසූවේ ආසියා සංචාරයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනපති ඔබාමාට නිර්දේශ කරන බවයි.