ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දුෂණ හෙළිවේ – නාමල්ට වෙනම ගුවන් සේවිකාවක්

null

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති සහ එහි ඉහල නිලධාරීන්ට එරෙහි අක්‍රමිකතා රුසක් අනාවරනය වී ඇති බවත් ඔවුනට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කර තිබෙන නිවේදනයක සදහන්කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානීන් විසින් සිදුකර ඇතැයි කියන ප්‍රසම්පාදන වංචා සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම් වලට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස පසුගිය රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ වංචා පිළිබඳව විමර්ශනය කළ නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා ප්‍රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මහතා බලය අයුතු ලෙස භාවිතා කර ඇතැයි මෙම පරීක්ෂණ කමිටුව විසින් සඳහන් කර තිබෙන අතර අඩුමිල විකල්ප තිබුණත් වැඩි මිලට එයාර් බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකන් කටයුතු කර ඇතැයි මෙම පරීක්ෂණ වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. එයාර්බස් සමාගමෙන් ඩොලර් බිලියන 2.3 ක් වටිනා නවතම ගුවන් යානා මිලදීගැනීම සඳහා පසුගිය රජය විසින් ශ්‍රී ලංකන් සමාගමේ කළමනාකාරීත්වයේ වෙනස්කම් පවා සිදුකර ඇතැයි මෙම පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය.

ඔහු රුපියල් මිලියන එක හමාරක මුදලක් වැටුප් ලෙස ශ්‍රී ලන්කන් සමාගමෙන් ලබාගෙන ඇත්තේ මිහින් ලංකා සහ මොබිටෙල් ආයතන වල ද ප්‍රධානියා ලෙස වැටුප් ලබමිනි. මේ අතර “ශ්‍රී ලංකන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්” නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ලබා දී ඇති බවද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

වාර්තාව මගින් එලි දැක්වී ඇති තවත් සුවිශේෂී තොරතුරක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලන්කන් ගුවන්සේවිකාවක් ගුවන් සමාගමේ වැටුප් මත මුදා හැර තිබීමයි.

සඳහන් වන ආකාරයට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ඉල්ලීමක් මත මෙම ගුවන් සේවිකාව නිදහස් කර ඇති අතර ගුවන් යානය තුළ සිදු කරන කටයුතු සඳහා දෙන දීමනා ඇතුළුව රුපියල් මිලියන 4.2 කට වැඩි මුදලක් නියමිත වැටුපට අමතරව ඇයට ගෙවා තිබේ.

මෙම මුදල ආපසු ලබාගත යුතු බවට වාර්තාව යෝජනා කර ඇත.

මෙවැනි දුෂණ වංචා රාශියක් මෙම වාර්තාවෙන් හෙළි වී ඇති අතර මෙලෙස සිදුකර ඇති දුෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අපරාධ පරීක්ෂණයකට ලක් කොට අධිකරණය හමුවේ දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව මගින් යෝජනා කර ඇති බව සඳහන් වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>