ශ්රී ලාංකිකයෙකුගේ නමින් නිව්යෝර්ක්හි පාරක් නම්කෙරේ
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ මාර්ගයක් ශ්රී ලාංකිකයෙකුට ගෞරව පිණිස ඔහුගේ නමින් නම් කර තිබේ. ඒ නිව්යෝර්ක් නුවර රථවාහන පොලීසියේ සේවය කළ කල්යාණ රණසිංහ මහතාගේ නමිනි.
ඔහු 2013 වසරේ දෙසැම්බර් මසදී මැන්හට්න්හි මිඩ්ටවුන් ප්රදේශයේ රාජකාරියේ නිරතව සිටියදී ට්රක් රථයකට යටවී ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඔහු කළ සේවය සහ ඔහුගේ මනුෂීය ගති පැවතුම් වලට පැහැදුනු නගරාධිපති බිල් ඩී බ්ලැසියෝ, කල්යාණ රණසිංහ මහතාගේ බිරිඳ ධම්මිකා මහත්මිය අමතා ඔවුනට දන්වා සිටියේ ඔහු වෙනුවෙන් නිව්යෝර්ක් නුවර පාරක් නම්කරන්නට නගරසභාව තීරණය කර තිබෙන බවයි.
නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී මිය ගිය නිලධාරීන් කිහිප දෙනෙකුට ගෞරවය පිණිස එහි වීථි නම් කිරීමේ වැඩසටහනක් යටතේ මෙය සිදු කර ඇත.
එම මාර්ගය ‘කල්යාණ රණසිංහ වේ ‘ යනුවෙන් නම්කර ඇති අතර මෙම මාර්ගය ඇමෙරිකාවේ ජීවත්වූ ශ්රී ලාංකිකයෙකු වෙනුවෙන් නම් කෙරුණු පළමු මාර්ගයයි.