ශාන්ති කර්මයක් පිටදමා දැරියක් දුෂණය කරලා

null

ශාන්ති කර්මයක් කරන මුවාවෙන් බාලවයස් දැරියක් දූෂණය කළ බව කියන පුද්ගලයෙකු සොයා පුත්තලම කොස්වත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැරියගේ මව පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ දැරිය වැඩිවියට පත්වූ අවස්ථාවේ මෙම පුද්ගලයා ප‍්‍රකාශ කර ඇත්තේ ඇයට කිසියම් දෝෂයක් ඇති බවය. එවැනි දෝෂ සඳහා තමන් ශාන්ති කර්ම සිදුකරන බව පවසමින් ඔහු දැරියගේ නිවසට පැමිණ මෙම අපරාධය සිදු කර තිබේ.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය මාරවිල මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>