ශිතකරණයෙන් විදුලි සැර වැදී දරුවෙකු මරුට

null

මහියංගනය – සොරබොරවැව ප‍්‍රදේශයේ සිය මිත්තණියගේ නිවසේ ශීතකරණයේ සිදුවූ විදුලි කාන්දුවකින් 7 හැවිරිදි පාසල් දරුවෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ සොරබොරවැව මධ්‍ය මහා විද්‍යාලයේ 3 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ ලක්මිණ බණ්ඩාර ජයසිංහ නමැති සිසුවායි.

ඊයේ (08) උදෑසන මෙම දරුවා සිය නිවස ආසන්නයේ පිහිටි මිත්තනියගේ නිවසේ සෙල්ලම් කරමින් සිට තිබේ. එහිදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි මහියංගනය පොලීසිය සඳහන් කරයි.

අනතුරුව ශීතකරණය ආසන්නයේ පිළිස්සුම් තුවාල සහිත මෙම දරුවා වැටී සිටින ආකාරය දැක ඇත්තේ ඔහුගේ මිත්තනියයි. පසුව මෙම දරුවා මහිංයගනය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විට ඔහු මිය ගොස් සිටි බව රෝහල් ප‍්‍රකාශකයෙකු සදහන් කල බව හිරු නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>