ශිරන්තිගෙන් ප්‍රකාශ ලබාගැනීම කථානායක නිල නිවසේදි

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද ප්‍රකාශයක් ලබාගත්හ. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ලබා ගැනීම සිදුවුණේ කථානායක නිල නිවසේදියි.

අද පෙරවරුවේ ඇය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන විටත් මාධ්‍යවේදීන් ඇතුලූ විශාල පිරිසක් එම ස්ථානයේ සිටි බවත්, මේ හේතුවෙන් එම ඒකකයේ නිලධාරින් කථානායක නිල නිවසට පැමිණෙන ලෙසට ශිරන්ති රාජපක්ෂ දැනුම්දී තිබේ.

සිරිලිය සවිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන විමර්ශනයක් සඳහා ශිරන්ති රාජපක්ෂව එහි කැඳවා තිබෙන අතර ඇයගෙන් පැයක පමණ කාලයක් ප්‍රශ්න කර තිබෙන බවද වාර්තා වේ.

එහිදී ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇත්තේ සිරිලිය සවිය යනු රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වු පුන්‍යාධාර සංවිධානයක් බව යි. එහි කටයුතු සඳහා රජයේ මුදල් හෝ දේපළ කිසිවක් භාවිත වී නැති බවද ඇය ප්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>