ශිරන්තිට රත්‍රං ජාවාරමක් ගැන චෝදනා

null

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ෂාමලී පෙරේරා අද (26) පෙරවරුවේ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ශිරන්ති රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශ්‍යාමලී පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තම සැමියා අත්අඩංගුවට ගැනීමට පෙර කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන සමයේ මහා භාණ්ඩාගාරයේ සිදුවූ රුපියල් ලක්ෂ 5000ක රත‍්‍රං වංචාවකට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ වී ඇති බවට කරුණු හෙළි වූ බවයි.

එකී පරීක්ෂණ නවතා සිද්ධිය යටගසන ලෙස එවක බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාවූ අනුර සේනානායක මහතා විසින් නියෝග කළ බැවින් සිද්ධිය යටගසන්නට සිදුවූ බව සැමියා කියා සිටිවග ප්‍රියදර්ශනී පෙරේරා මිය සඳහන් කර තිබේ.

එමෙන්ම තම ස්වාමියාට අභූත චෝදනා එල්ල කොට හිරේ දැමීමට හේතුවූයේ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සෘජුව දායකවූ එම රත්‍රන් ජාවාරමට අදාළව පරීක්ෂණ පැවැත්වීම බව ඒ මහත්මිය පැවසු බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

ඇය මාධ්‍ය වෙත අදහස් දැක්වූ අයුරු පහතින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>