ශිරාණි යළි අගවිනිසුරු වෙයි

null

ශ‍්‍රී ලංකාවේ 43 වන අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායකට එම ධුරයේ කටයුතු කිරීම සඳහා පැවති බාධා රජය විසින් ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් ඇය එම ධුරයෙන් හෙට දිනයේදී විශ‍්‍රාම ගැනීමට තීරණය කර ඇති බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසුරිය මහතා ප්‍රකාශ කළේය.

ඒ ශ‍්‍රී ලංකා නීතීඥ සංගම් කාර්යාලයේ පැවති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ “ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද දහවල් අලූත්කඬේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියා. නීතිඥවරුන් ඇතුළු පිරිසක් විසින් ඇය උණුසුම් අයුරින් පිළිගැනුණා. එතුමිය මේ වන විට දැනුම්දී තිබෙනවා එතුමිගේ ධුරයෙන් සමුගැනීම සඳහා විශ‍්‍රාම ගැනීමේ තීරණයක් අරන් තිබෙන බවත් එම තීරණය හෙට දිනයේ සිට කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර හෙට දිනයේදී ගන්නා බවටත් අප වෙත දැනුම්දී තිබෙනවා.” යනුවෙනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>