ශිෂ්‍යත්ව පංති ගිය දැරියන්ට හදි කළ ගුරා

null

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පංතියකට ගිය පදවිය රුවන්පුර ප‍්‍රදේශයේ සිසු දැරියන් 08 දෙනෙකුට වරින්වර ලිංගික අතවර කිරීමේ චෝදනාව මත උපකාරක පංති ගුරුවරයෙකු ඊයේ (20) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 25 වැනි වියේ පසුවන සැකකරු පදවිය රුවන්පුර ප‍්‍රදේශයේම පදිංචි අයෙකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමවා රැකියාවක් අපේක්ෂාවෙන් සිටින මෙම සැකකරු ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පංතියක ගුරුවරයෙකු ලෙස සේවයකර තිබේ.

මෙම දැරියන් අදාල උපකාරක පංතියේ ම ඉංග්‍රීසි ගුරුවරියකට මේබව සැලකිරීමෙන් පසු මෙම සිදුවීම අනාවරණය වී තිබෙන අතර පසුව එම දැරියන් 8 දෙනා සිය දෙමාපියන් සමග පැමිණ පදවිය පොලිසිය කරන ලද පැමිණිලි මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>