ශීතකරණයක් තුල සැඟව සිටි මාෆියා නායකයා

null

ඉතාලියේ දරුණු මාෆියා කල්ලියක නායකයකුගේ පුතෙකු වන Valentino Gionta එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු එරට දරුණු අපරාධකරුවෙකු බවත් ඉතාලියේ හොරබඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ඍජුව සම්බන්ධ අයෙකු බවත්ය.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සැඟව සිට ඇත්තේ නගරයෙන් එපිට පිහිටි නිවසක රහස් උමගක් තුල බව වාර්තා වේ. එය පිටතින් බැලු විට ශීතකරණයක් ලෙස පෙනෙන අයුරින් සාදා ඇති අතර එහි යට ඉලෙක්ට්‍රොනික් දොරක් සවි කර උමං පිවිසුම සකසා තිබුණි.

එහි ඇතුළු වූ පොලිසියට ඔහු සියළුම අවශ්‍යතා සපුරාගෙන එහි සැඟව සිටි අයුරු දක්නට ලැබ තිබේ. ඔහු කලබලයකින් තොරව අත්අඩංගුවට පත්වූ බව එරට පොලිසිය සඳහන් කර තිබේ.

ඔහුගේ පියාද 2012 වසරේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිරභාරයට ගත් මාෆියා කල්ලි නායකයෙකි.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>