03 Nov 2015
ශීතකරණයේ විදුලිය විසන්ධි කිරීමට ගොස් මරුදකී
බුලත්කොහුපිටිය දොඹගහමුල්ල ප්රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් නිවසේ ඇති ශීතකරණයේ විදුලිය විසන්ධි කිරීමට තැත් කල පුද්ගලයෙකුට අකුණු සැර වැදී මියගොස් ඇත.
අකුණු සැර වැදීමෙන් තුවාල ලත් පුද්ගලයා උදුගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මියගොස් ඇත්තේ එම ප්රදේශයේ පදිංචි ගාමිණි විජේරත්න (57) නමැති අයෙකි.
මෘත ශරීරය උදුගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද (3) සිදු කිරීමට නියමිතය.
බුලත්කොහුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.