ශී‍්‍ර ලංකා – එංගලන්ත තරඟය හෙට

null

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම සහභාගී වන තරඟය නවසීලන්තයේ වෙලින්ටන් හිදි හෙට පැවැත්වේ.

එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට අලූයම 3.30ට ආරම්භ වීමට නියමිතයි. හෙට තරගයේදී වේගපන්දු යවන කී‍්‍රඩක චමීර දුෂ්මන්තට අවස්ථාවක් ලබාදීම කෙරෙහි ශී‍්‍ර ලංකා තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වන අතර ජීවන් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට කණ්ඩායමට එක්වූ උපුල් තරංග මැද පෙළ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක් කිරීමටද තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු සඳහන් කර ඇත්තේ ඒංගලන්තය සමබර කණ්ඩායමක් බවත්,ඔවුන්ව අඩුවෙන් තක්සේරු කළ නොහැකි බවත් ය.

“ඔවුන්ට හොඳ වේග පන්දු යවන බළඇණියක් ඉන්නවා. එංගලන්තය සමබර කණ්ඩායමක්. හොඳ කණ්ඩායමකට එරෙහිව ලබා ගන්නා ජයග්‍රහණයක් දක්ෂතා ඉහළ නංවාගැනීමට හොඳ අවස්ථාවක්. පළමු පිතිකරුවන් හත් දෙනා ඇතුළේ ඔවුන්ට හොඳ පිතිකරුවන් ඉන්නවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>