ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් දිවයිනට සැපත්වේ

null

අති උතුම් ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ අද පෙරවරු 09.00ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට සැපත් විය. ඉතාලි ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් උන්වහන්සේ මෙරටට පැමිණ තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශුද්ධෝත්තම පාප් වහන්සේ පිළිගනු ලැබූ අතර එම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු මැති ඇමතිවරුන් පැමිණ සිටියේය.

ගුවන් තොටුපල පරිශ‍්‍රයේ විචිත‍්‍රවත් සංස්කෘතික අංග කිහිපයක් ද සංවිධාන කර තිබුණේ පාප්වහන්සේ පිළිගැනීම සඳහායි. පසුව ආචාර වෙඩි මුර ද සහිතව උන්වහන්සේ වෙනුවෙන් ත‍්‍රිවිධ හමුදා උත්තමාචාරය ද පිරිනැමුණි.

පසුව පාප්වහන්සේ රැගත් විශේෂ රිය පෙරහැර පෙරවරු 09.45ට කටුනායක ගුවන් තොටුපලේ සිට ගමන් ආරම්භ කල අතර එය කොළඹ, මීගමුව පරණ පාර ඔස්සේ තොටලග හන්දිය මරදාන, බොරැුල්ල හරහා කොළඹ වතිකාන තානාපති කාර්යාලයට පැමිණීමට නියමිතය.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>