ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් අනතුරකින් බේරිලා

null

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබෑම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් අනපේක්ෂිත වායු රික්තකයකට හසුවී තිබේ.

යූ.එල්. 564 දරණ මෙම ගුවන් යානය අද අලූයම පහට පමණ වායු රික්තකයකට හසුවී ඇත්තේ මෙරට ගුවන් කලාපයට ඇතුලූවීමත් සමඟයි.

ගුවන් යානයේ මගීන් 195 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 16 දෙනෙකු ගමන් කර තිබෙන අතර කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැත. කෙසේ නමුත් කාර්යමණ්ඩලයේ 4 දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

එම ගුවන්යානයේ නියමුවාගේ ඇති පළපුරුද්ද සහ වෘත්තීමයභාවය හේතුවෙන් වායු අවපාතයකට ලක්වූ ශ්‍රී ලංකන් ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබස්සවා ඇති බව වාර්තාවෙයි.

ගුවන් යානා වායු රික්තකයන්ට හසුවීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර එහිදී සිදුවන්නේ ගුවන් යානය එක්වරම පහළට ඇදී යාමයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>