ශ‍්‍රී ලංකාවට 332ක ඉලක්කයක්

null

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදි ශ්‍රී ලංකා පිලේ ආරාධනයට අනුවට හැග්ලි ඕවල් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 331ක් ලබාගැනීමට සමත් විය.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් මාටින් ගුප්ටිල් හා බ්‍රෙන්ඩන් මැකලම් පළමු කඩුල්ලට ලකුණු 111ක සබඳතාවක් ගොඩනැඟීය.

පන්දුවට පහරදීමේදි කොරේ ඇනඩර්සන් ලකුණු 75ක් , නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැක්ලම් ලකුණු 65ක්, මීට අමතරව කේන් විලියම්සන් ලකුණු 57ක් සහ මාර්ටින් ගුප්ටිල් ලකුණු 49ක් ලබාගන්න ලදී.

පන්දු යැවිවේදී ලසිත් මාලිංග පන්දුවාර 10 අවසාන කළේ ප්‍රතිවාදීන්ට ලකුණු 84ක් ලබාදෙමින් එකදු කඩුල්ලක් හෝ දවා නොගමිනි.

නුවන් කුලසේකරද පන්දුවාර 8දී ලකුණු 78ක් ලබාදුන් අතර ඔහු තරඟයේ අවසාන පන්දුවාරයේ අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

ජීවන් මෙන්ඩිස් පන්දුවාර 2ක් යවා ලකුණු 5ට කඩුලු 2ක් බිඳ දැමීය. සුරංග ලක්මාල් පන්දුවාර 10දී ලකුණු 62ක් සමගින් කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 109/1 ලබාගෙන සිටියි. ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේ තිලකරත්න ඩිල්ෂාන් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>