ශ‍්‍රී ලංකාව හොදම සංචාරක රටවල් 10 අතරට

null

ඇමරිකාවේ පළවන කීර්තිමත් ෆෝබ්ස් සඟරාව මගින් 2015 වසරේ ලොව සංචාරකයන් අත් නොහළ යුතු සංචාරක කේන්ද්‍රස්ථාන 10 අතරට ශ‍්‍රී ලංකාවද නම් කර තිබේ.

ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව නිදහසේ සහ නිස්කලංකව සංචාරය කළ හැකි ස්ථාන සහිත රටවල් දහය අතර ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිව තිබේ.

ෆෝබ්ස් සඟරාව මගින් පෙන්වා දෙන්නේ යාල සහ විල්පත්තු ජාතික වනෝද්‍යාන මෙන්ම ගාලූ කොටුව ද සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් ප‍්‍රදේශ බවත්, යුද්ධය නිමාවීමෙන් පසු මෙහි සංචාරකයන්ට හිතකර වාතාවරණයක් පවතින බවත් ය.

ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කළ වාර්තාවකට අනුව ප්‍රථම ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර පිළිවෙළින් මොරොක්කෝ, වියට්නාමය, අමෙරිකාව, තස්මේනියාව, කොළොම්බියාව, ජපානය, ආර්ජන්ටිනාව, නේපාලය ද එම රටවල් 10 අතරට නම් කර ඇති බව සඳහන් වෙයි.

ඒ සඳහා ඇතුළත්ව ඇති එකම දකුණු ආසියාතික රට වන්නේද ශ‍්‍රී ලංකාවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>