ශ‍්‍රී ලාංකීය සිසුවියක් ඕස්ටේ‍්‍රලියාවේදී අභිරහස් ලෙස මිය යයි

01

දියේ ගිලීමෙන් අභිරහස් ලෙස මිය ගිය ශ‍්‍රී ලාංකික තරුණියකගේ සිරුරක් ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර පිහිටි කුඩා ඇලකින් සොයාගෙන තිබෙ. මෙලෙස මිය ගොස් ඇත්තේ තොරතුරු තාක්ෂණ උපාධියක් හැදැරීම සඳහා 2009 වසරේ ඕස්ටේ‍්‍රලියාවට පදිංචියට ගොස් ඇති අමීෂා රාජපක්ෂ නැමැති 31 හැවිරිදි තරුණියකි.

ඕස්ටේ‍්‍රලියානු වාර්තාවලට අනුව අමීෂා රාජපක්ෂගේ නිවස පිහිටා ඇත්තේ බටහිර සිඞ්නි ප‍්‍රදේශයේ ඇබ්සර්ලූට් වෝටර්ෆ‍්‍රන්ට් නම් මහල් නිවාස සංකීර්ණය තුළයි. පසුගිය අඟහරුවාදා රාත‍්‍රී 7.00ට පමණ ඇය වෙළදසැලකට යාම සඳහා නිවසින් පිටව ගොස් තිබෙන අතර ඇය යළි නොපැමිණි නිසා මිය ගිය අමීෂාගේ පියා සහ සහෝදරයා අමීෂා සෙවීමට කටයුතු කර ඇත්තේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත්, පසුදින උදෑසන 7.30ට පමණ නිවස ආසන්නයේ ඇති කුඩා ඇලකින් ඇයගේ සිරුර හමුවී ඇති බව එරට පොලීසිය සදහන් කර ඇත.

ඇයගේ මරණය, ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැත. ඕස්ටේ‍්‍රලියානු පොලීසිය සඳහන් කළේ ඇගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී ගෙල වටා සළුවක් ගැට ගසා තිබූ බවයි.

02

03

04

05

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>