සංගක්කාරට දඩයක් පනවයි

null

පසුගියදා සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ 6 වන එක්දින තරඟයේදී විනිසුරු තීරණයකට විරෝධය පළ කිරීම හේතුවෙන් කුමාර් සංගක්කාරට දඩයක් නියම කර තිබේ.

සංගක්කාර ඩිල්ෂාන් සමග පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේ ඔවුන් දෙදෙනා 33 වන පන්දු වාරයේදී බැටින් පවර් ප්ලේ ඉල්ලනු ලැබුහ. නමුත් එම අවස්ථාවේදී විනිසුරුවරුන් පවසා ඇත්තේ පන්දු යවන්නා ඒ වන විටත් සිය පන්දු වාරය යැවීම සඳහා සූදානම්ව සිටින නිසා අවස්ථාව ලබාදිය නොහැකි බවයි.

පසුව 34 වන පන්දු වාරයේ පළමු පන්දුවට ඩිල්ශාන් දැවී ගිය අතර එම අවස්ථාවේදී පන්දු යවන්නාගේ අන්තයේ සිටි කුමාර් සංගක්කාර විනිසුරුවරුන් දෙසට හැරී ඔවුන්ගේ තීරණයට විරෝධය පල කරමින් යමක් පවසා තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවරුන් තරඟ තීරකට පැමිණිලි කර ඇත. ඒ අනුව සංගක්කාරට සිය තරඟ ගාස්තුවෙන් සියයට 15ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>