සංගක්කාර ගැන පවුලේ අය කියන දේවල්

null

කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් දිනයේ ඔහුගේ මව, පියා සහ වැඩිමහල් සොයුරියන් දෙදෙනා ද පි සාරා ඕවල් ක්‍රීඩාංගණයට පැමිණ තිබුණි.

ඔවුන් දෙරණ නාලිකාවට කුමාර් සංගක්කාර පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කර තිබුනේ පහත පරිදිය.

මව
එයා ආදරේ අගය කරන කෙනෙක්. අපිට හරිම කිට්ටුයි.බාලයා නිසා වැඩියත්ම හුරතල්.වයසට වැඩිය ඥානයෙන් පරිපූර්ණ කෙනෙක්. ඒක නිසා අපි සංතෝෂයි ඒක ගැන.

පියා
මෙයා ක්‍රිකට් ක්‍රීඩාවෙ ක්‍රීඩා කරපු අය අතරින් විශේෂ තැනකට ආවා.එයා ඉතින් ප්‍රැක්ටිස් වලට එහෙම මං ගෙනිච්චා විතරයි. ආයෙ වෙන දෙයක් නෑ. එයාගෙ උත්සාහයෙන් තමයි හුග දෙයක් කෙරුවෙ.

එක් වැඩිමහල් සොයුරියක්
ඇත්තටම අද සතුටුයි වගේම දුකයි.එයා හුගක් හොඳ තැනකට ඇවිල්ලා තියනවා.ක්‍රිකටුයි ඒ වගේම මනුස්සයෙකුයි විදිහට එයා හොඳ තැනක ඉන්නෙ. අම්මයි තාත්තයි හැමවෙලේම කියන්නෙ ක්‍රිකට් විතරක් නෙමෙයි හොඳ පුද්ගලයෙකුත් වෙන්න කියලා.

අනෙක් වැඩිමහල් සොයුරිය
මටත් ගොඩක් ආඩම්බරයි එයා ක්‍රිකට් ජීවිතයේ මෙච්චර තැනකට ඇවිල්ල තියන එක ගැන.ඒ එක්කම අපේ පුංචි මල්ලි එයා තාම. ඒ අතින් කිසිම වෙනසක් වෙලා නෑ.අපි හරිම කිට්ටුයි.ළගයි..ඉතින් අද හරි දුක දවසක් වගේම අපි ඔක්කොලාම ගොඩාක් සතුටුයි එයාගේ ජීවිතේ ගැන.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>