සංගක්කාර නැවතත් සම්මානයෙන් පිදුම් ලබයි

null

ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර පස්වැනි ආසියානු සම්මාන උළේලේදී ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙවර සඳහා පිරිනමන සම්මානය මෙවර දිනාගෙන තිබේ.

ඊයේ (17) රාත්‍රියේදි එංගලන්තයේදී මෙම සම්මාන උළෙල පවත්වා තිබේ. ව්‍යාපාරික, ක්‍රීඩා කලා වැනි විවිධ අංශවලට විශිෂ්ට සේවයක් කළ ආසියානු ජාතිකයින් ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල එංගලන්තයේදී වාර්ෂිකව පැවැත්වේ.

2010 වසරේදී මෙම සම්මාන උළෙල ප්‍රථමවරට සංවිධානය කරනු ලැබිය.

මෙම සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා සංගක්කාර වන අතර ඔහුට ප්‍රථම මුත්තයියා මුරලිදරන් මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙවර ආසියානු සම්මාන උළෙලේදී ශාරුක් ඛාන්ද සම්මානයට පාත්‍රවිය.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>