සංගාගේ අවසන් ඉනිම 18කට සීමාවෙයි

null

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර කොළඹ පී. සරා ඕවල් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ හතරවන දිනය අද නිමා වන විට ජයග‍්‍රාහී ලකුණු 413 ක ඉලක්කයක් ශ්‍රී ලංකා පිළට හිමිවිය.

මෙම තරඟය ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සහභාගි වන අවසන් ටෙස්ට් තරඟය මෙන්ම අවසන් ජාත්‍යන්තර තරඟයයි.

ඒ අනුව ඔහු සිය ක්‍රිකට් දිවියේ අවසන් ඉනිමද අද පස්වරුවේ නිම කර තිබේ. රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ මුරලි විජේ වෙත උඩපන්දුවක් ලබාදී සංගා දැවී ගියේය. පන්දු 18කට මුහුණදී සිටි සංගක්කාර දැවීයන විට ලකුණු 18 ක් රැස්කරගෙන සිටියේය.

දැවී යාමෙන් පසු ක‍්‍රීඩාගාරය වෙත යමින් සිටි කුමාර් සංගක්කාරට ඉන්දීය කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගෙන් මෙන්ම පේ‍්‍රක්ෂකයින්ගෙන් ද ලැබුණේ උණුසුම් ප‍්‍රතිචාරයක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>