සංගාගේ දෙනෙත් කඳුළින් තෙත්වෙයි – ක්‍රිකට් පිටියට සමුදුන් අයුරු

null

කොළඹ පී. සරා ඕවල් ක‍්‍රීඩාංගණයේදී අන්තර්ජාතික සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර සංගක්කාර අද ක‍්‍රිකට් කී‍්‍රඩාවෙන් සමුගත්තේය. සංගක්කාරට උපහාර පිදීම සදහා පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ සාගල රත්නායක මහතාද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ද, දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ද එක්ව සිටියහ.

සමුගැනීම සනිටුහන් කරන කුමාර් සංගක්කාරට ජනපති, අගමැති ඇතුළු පාර්ශව රැසකින් මෙහිදී සමරු තිළිණ රැසක් පිරිනැමුණු අතර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ද එයට දායක විය.

මෙහිදී සමරු තිළිණයක් පිරිනමමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ තමන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය බාරගන්නා ලෙස සංගක්කාරගෙන් ඉල්ලීමක් කරන බවය. ඔහුගේ අදහස කුමක්දැයි නොදන්නා නමුත් තමන් මෙම ඉල්ලීම කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සිය සමුගැනීම ගැන අදහස් දක්වමින් කුමාර් සංගක්කාර කියා සිටියේ තමන්ගේ ක්‍රිකට් දිවි ගමනේ නිබඳව සිටි සියලුදෙනාටම ස්තූතිවන්ත වන බවයි.

තමන් මෙවැනි ස්ථානයකට ඔසවා තැබීමට දායක වූ අම්මා, අප්පච්චි ඇතුළු සියලුදෙනාටම තමන් ස්තූතිය පුදකරන බව සංගක්කාර පැවසූ අතර ඔහු අදහස් දක්වන විට නෙතඟට කඳුළු නැගී තිබූ අයුරුද දැකගත හැකිවිය. එය සුවහසක් ක්‍රීඩාලෝලීන්ගේ හදවත්ද කම්පා කරන සිදුවීමක් විය.

null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>