සංගාගේ පිත්ත ඩොලර් 8000 – මහේලගේ පිත්ත ඩොලර් 6500

null

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට ආධාර එකතු කිරීමේ අරමුණ පෙරදැරිව සිඩ්නිහි වෙසෙන ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට්‌ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ උත්සවයක් පෙරේදා රාත්‍රියේදී සිඩ්නි නුවරදී පැවැත්විණි.

මෙහිදී ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ කළමනාකාරීත්වය පිළිගැනීමද සිදුකෙරුණු අතර ඔවුන්ට විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ද සුදානම් කර තිබුණි.

මෙයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කණ්‌ඩායමේ පුහුණුකරුවන් ඇතුළු කළමනාකාරීත්වයද සහභාගි වූ අතර මෙම උත්සවයේදී මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ලසිත් මාලිංග වෙනුවෙන් පැමිණ සිටි පිරිසට ප්‍රශ්න ඇසීමේ අවස්‌ථාවක්‌ද හිමිවිය.

එමෙන්ම මෙහි විශේෂත්වය වුයේ අදාළ උත්සවයේදී කුමාර් සංගක්‌කාරගේ ක්‍රිකට්‌ පිත්ත ඩොලර් 8000 කට සහ මහේල ජයවර්ධනගේ පිත්ත ඩොලර් 6500 කට අළෙවි වීමයි. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට ආධාර එකතු කිරීමේ අරමුණ සඳහා යි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>