10 May 2015
සංගාට එංගලන්තයේදී නොසැලකිලි
එංගලන්ත ප්රාන්ත ක්රිකට් තරගාවලිය සඳහා සහභාගීවීමට නැවත වරක් පෙරේදා (08) රාත්රියේදී එංගලන්තයට ගිය ශ්රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරට එංගලන්ත ආගමන විගමන නිලධාරියෙකු බාධා එල්ල කර තිබේ.
ඒ ලන්ඩන් හීතෘ ගුවන්තොටුපොලේදී ය. අදාල නිලධාරියා අගෞරව අයුරිනි හැසිරුණු බවත් ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවත් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.
වසර 15ක් තිස්සේ තමන් එංගලන්තයට පැමිණෙන නමුත් මෙවැනි සිදුවීමක් කිසිදිනෙක තමන් අත්විද නොමැති බවත්, වර්ණය, ආගම හෝ ප්රසිද්ධිය පිළිබඳ නොසලකමින් මගියෙකුට ආචාරශීත්වය දැක්විය යුතු බවත් සංගා සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් පවසයි.
කසේ වෙතත් අනෙකුත් ආගමන විගමන නිලධාරින් හොඳින් සැලකූ බව ද ඔහු සටහන් කර තිබේ.