සංගාට කෙනෙහෙලි කිරීම ගැන එංගලන්තයට එරෙහි විරෝධය

null

ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ලන්ඩන් හිතෲ ගුවන් තොටුපලේ දී මුහුණපෑමට සිදුවු පීඩාකාරී තත්ත්වයට එරෙහිව රජයක් ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බව රාවණා බලය සංවිධානය පවසයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි එහි මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසා ඇත්තේ ලෝක පූජිත ක්‍රීඩකයෙකුට සිදුවු මෙම පීඩාකාරී තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවයි.

එම හිමියන් අවධාරණය කර ඇත්තේ තානාපති කාර්යාල මගින් මේ සම්බන්ධයෙන් ක්‍රියා නොකරන්නේ නම් සිය සංවිධානය ඒ වෙනුවෙන් මැදිහත් විමට සුදානම් බවයි. එමෙන්ම සිංහල රාවයේ සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මිමන දයාරතන හිමියන් ද මෙම සිද්ධිය හෙලා දකිමින් අදහස් පළ කර තිබේ.

කුමාර් සංගක්කාර පසුගිය 8 වනදා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවීමට එංගලන්තයට ගිය අවස්ථාවේ එංගලන්ත ආගමන විගමන නිලධාරියෙකු ඔහුට බාධා කරමින් අගෞරව අයුරිනි හැසිරුණු බවත් ඉන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවත් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණි.

පෙර පළවූ පුවත පහතින්…

සංගාට එංගලන්තයේදී නොසැලකිලි

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>