සංගාට තව වසරක් සිටින ලෙස ක්‍රීඩා ඇමති ඉල්ලයි

null

තවත් වසරක කාලයක් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩා කරන්නැයි කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මෙම ඉල්ලීම සිදු කළේ කි‍්‍රකට් ආයතනයේ පැවැති නව කි‍්‍රකට් අතුරු පාලන කමිටුවේ මංගල මාධ්‍ය හමුවට එක්වෙමින්.

ලෝක කුසලාන තරගාවලිය නිමාවීමත් සමග කුමාර් සංගක්කාර ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියකින් පසු ඔහු ටෙස්ට් පිටියටත් සමුදීමට සුදානමෙන් සිටී.

එසේම අද පුවත් වාර්තා කරන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතුරු පාලන කමිටුවක් යටතට පත්කිරීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කරන බව පැවැසූ අමාත්‍යවරයා අතුරු පාලන කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්කළ සිදත් වෙත්තමුණි එහි කටයුතු හොඳින් පත්වාගෙන යනු ඇති බවත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>