සංගා ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට යයි
ක්‍රීඩාවෙන් ඉවත් වී තවත් වසර කිහිපයකින් පසු ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට තමන් සූදානම් බව සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.
ඊයේ (11) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම තම අවසන් තරගය නුවර ක්‍රීඩා කිරිමට නොහැකිවීම ගැන සිය ප්රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය. තම අවසන් ටෙස්ට් තරගය මහනුවර ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දැරුවද ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එය කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.
එසේම තමන්ට දේශපාලනයට පැමිණීමට ආරාධනාවක්, බලාපොරොත්තුවක් හා ඒ පිළිබඳව තාම අවධානය යොමු කර නැති බවත් ඔහු කීවේය.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12) ආරම්භ වේ. කුමාර් සංගක්කාර එම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන අවසන් අවස්ථාව ද මෙයයි. කුමාර් සංගක්කාර සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගය ලබන 20 වෙනිදා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වර්.