සංගා – මහේල ලංකාවේ අවසන් තරඟය අද

null

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුල බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයින් දෙපළක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකාවේදී සහභාගි වන අවසන් එක්දින කි‍්‍රකට් තරගය අද පැවැත්වේ.

ඒ, ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර 7 වන සහ අවසාන එක්දින තරඟයයි. මේ වන විටත් 4-2 ලෙසින් තරඟාවලිය ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව සිටින අතර අද තරඟය ලෝක කුසලානය සඳහා යන එංගලන්ත පිළේ හැකියාවන් උරගා බැලෙන පරීක්ෂණයක් ලෙස හැඳින්වේ.

මෙම තරඟය අද පස්වරුවේ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාම තව නොබෝ දිනකින් ආරම්භ වන නවසීලන්ත සංචාරය සඳහාත් ලබන වසරේ පෙබරවාරි – මාර්තු මාසවලදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහාත් සහභාගි වෙති. එහෙත් ලෝක කුසලාන තරගාවලියට පෙර ශී‍්‍ර ලංකාවේදී වෙනත් එක්දින තරග නොපැවැත්වීම නිසා ඔවුන් දෙදෙනා ශී‍්‍ර ලංකාවේදී තරග වදින අවසන් අවස්ථාව මෙයයි.

ඔවුන් දෙදෙනාම ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>