සංගා ලෝකයෙන්ම දෙවැනි ස්ථානයට

null

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරඟයේදී කුමාර් සංගක්කාර විසින් තවත් එක්දින වාර්තාවක් තැබීමට සමත් වී තිබේ.

ඒ එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වෙමිනි.

සංගක්කාර මෙම තරගයේදී ලකුණු 39ක් රැස්කරගෙන තිබෙන අතර ඒ අනුව ඔහුගේ එක්දින ලකුණු සංඛ්‍යාව 13714ක් වන අතර එය එක්දින ක්‍රිකට් පිටියේ පිතිකරුවෙක් රැස්කළ ඉහළම දෙවන ලකුණු ප්‍රමාණයයි.

මීට පෙර දෙවන ස්ථානයට හිමිකම් කීවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රිකී පොන්ටින් විසිනුයි. ඔහු ලබාගෙන තිබූ ලකුණු ප්‍රමාණය 13704ක්.

එහි ඉදිරියෙන්ම පසුවන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්ය. ඔහු ලකුණු 18426ක් රැස්කරගෙන සිටියි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>