සංගා ලෝක කුසලානයේ 4වන ශතකයත් ලබාගනී

null

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග හතරකදී නොකඩා ශතක හතරක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා වීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර මීට සුළු වේලාවකට පෙර සමත්විය.

ඒ ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ හොබාට්හි දැන් පැවැත්වෙන තරගයේදී ය.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී වාර්තා පිට වාර්තා පිහිටුවීමට සමත්ව සිටින කුමාර් සංගක්කාර මෙවර තරඟාවලියේදී අඛණ්ඩව ලබාගත් සිව්වැනි ශතකයද මෙය වෙයි. සංගක්කාර අද වාර්තා කරනු ලැබුවේ 25 වැනි එක්දින ශතකයයි.

ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියානු කණ්ඩායම් වලට එරෙහිව ඔහු මීර පෙර ශතක රැස්කර තිබුණි. ඔහුට අමතරව තිලකරත්න ඩිල්ෂාන්ද සිය 22 වැනි එක්දින ශතකය අද තරඟයේදී ලබාගත්තේය.

පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 4කට ලකුණු 266 ලබාගෙන සිටි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>