සංගීත සංදර්ශනයක් ඝාතනයකින් කෙළවරවෙයි

null

අවිස්සාවේල්ල – සීතාවක ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගනයේ පෙරේදා (14) රාත්‍රීයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ පිහිඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ අලූයම 12.45 ට පමණ සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි පුද්ගලයෙකු මෙම පිහිඇනුම සිදුකර පලාගොස් ඇත.

පහරකෑමෙන් තුවාල ලැබු අදාළ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකි.

සංගීත ප්‍රසංගය අතරතුර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>