සංවිධානාත්මක පිරිසක්‌ කොටකෙතන පරීක්‍ෂණ අවුල් කරනවා – පොලීසිය කියයි

null

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ සිදුවන කාන්තා ඝාතන සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු අවුල් කිරීම සඳහා කිසියම් සංවිධානාත්මක පිරිසක්‌ උත්සාහ ගනිමින් සිටින බව රත්නපුර දිස්‌ත්‍රික්‌ භාර නියෝජ්‍ය පොලිස්‌පති රොහාන් ඩයස්‌ මහතා පවසයි.

මෙම සංවිධානාත්මක කණ්‌ඩායම විවිධ බොරු ප්‍රචාරයන් යවමින් පරීක්‍ෂණ කටයුතු වෙනත් මඟකට යොමු කිරීමේ උත්සාහයක නිරත වී සිටින බව ද හෙතෙම කියා සිටියි. කහවත්තේ සිදුවන කාන්තා ඝාතන සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචිකරුවන් රැගෙන ගොස්‌ ඔවුන් රඳවාගෙන විවිධ වධ හිංසාවන් හා පහරදීම් සිදුකරන බවට ව්‍යාජ තොරතුරු මෙම පිරිස්‌a පොලිස්‌ මූලස්‌ථානය වෙත දනුම් දී ඇති බව නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පවසයි.

එහෙත් කහවත්තේදී සිදු වූ අවසන් කාන්තා ඝාතනය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයකු මේ වනතුරු අත්අඩංගුවට ගෙන හෝ රඳවා තබාගෙන නොසිටින බව රොහාන් ඩයස්‌ මහතා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී රොහාන් ඩයස්‌ මහතා කියා සිටියේ කොටදෙණියාවේදී වූ සිදුවීමෙන් පොලිසිය හොඳ පාඩමක්‌ ඉගෙන ගෙන ඇති බවයි.

“කහවත්තේ කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉතාම නිවැරදිව නීත්‍යානුකූලව පරීක්‍ෂණ කරගෙන යනවා. අපි කිසිම අවස්‌ථාවක අනවශ්‍ය ආකාරයට අත්අඩංගුවට ගැනීමක්‌ හෝ රඳවා තබාගැනීමක්‌ සිදුකර නැත. මේ පරීක්‍ෂණ කටයුතු වෙනත් මඟකට යොමුකිරීමට උත්සාහ කරන පිරිසක්‌ සිටිනවා. අපි ඔවුන් ගැන සෙවීමට වෙනම පරීක්‍ෂණයක්‌ කරගෙන යනවා. මේ සංවිධානාත්මක පිරිස සමහර විට කහවත්තේදී සිදු වූ කාන්තා ඝාතනවලට බලවත් සම්බන්ධකමක්‌ ඇති අය වෙන්න පුළුවන්” යෑයි නියෝජ්‍ය පොලිස්‌පති රොහාන් ඩයස්‌ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(හේමන්ත රන්දුණු)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>