සඟවා තිබු ගුවන් යානයක් සොයාගැනේ

null

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක සඟවා තිබූ සැහැල්ලූ ගුවන් යානයක් අද පස්වරුවේ සොයා ගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව එම ගුවන් යානය සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කරයි.

අදාළ යානය පුද්ගලයින් දෙදෙනෙකුට ගමන් කළ හැකි එකක් වන අතර පුද්ගලයින් දෙදෙනෙකු එහි පියාපත් ඉවත් කරමින් සිටි අවස්ථාවේදී පොලිසිය වය සොයාගෙන තිබේ.

එහි අයිතිය ක‍්‍රීඩා මාධ්‍ය ආයතනයකට අයත් බවට පොලිසියට තොරතුරු අනාවරණ වී තිබෙන අතර නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගුවන් යානය එම නාලිකාව සමග සම්බන්ධතා ඇති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් යානයක් බවටය.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>