සජින් වාස් අත්අඩංගුවට

null

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 20ක් අයථා ලෙස භාවිතා කළැයි චෝදනාව මත හිටපු ජනපතිගේ ප්‍රබල ආධාකරුවෙකු මෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී වූ සජින් ද වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සජින් ද වාස් ගුණවර්ධන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට දැනුම්දී තිබුණි.

එහිදී සිදුකල ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙතෙම අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>