සතුට වැඩිවෙන්න ගත්ත පෙත්ත මරු කැඳවයි

null

මාරවිල – ගොඩවිල ප්‍රදේශයේ ලැගුම්හලකට සිය අනියම් බිරිඳ සමග පැමිණ සිටි පුද්ගලයෙක් හදිසියේ ඇතිවූ රෝගී තත්වයකින් අනතුරුව මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 12 වනදා ඔහු අදාල කාන්තාව සමග ලැගුම්හලට පැමිණ රාත්‍රිය ගත කරමින් සිටියදී මෙලෙස හදිසියේම රෝගී වී ඇත. ලැගුම්හලේ භාරකරුවන් සහ කාන්තාව විසින් ඔහුව මාරවිල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

මියගොස් ඇති පුද්ගලයා කිසියම් උත්තේජන ඖෂධයක් පානය කිරීමෙන් අනතුරුව රෝගී වී ඇති බව සැකකරන බව පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>