සතුන් දඩයමට ඇටවූ විදුලි රැහැනේ පැටලී දෙදරු පියා මරුට

01

අද (19) උදෑසන 6ට පමණ සතුන් දඩයම් කිරීම සඳහා තම නිවසේ වත්තට යාබදව ඇද තිබූ විදුලි රැහැනක පැටලී දෙදරු පියෙකු මරණයට පත්වී ඇති බව දිඹුල පොලීසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ දිඹුල, විජයබාහුකන්ද මහවැලිගම පදිංචි කරුණාරත්න නම් අයෙකි. ඔහු අවුරුදු 64ක දෙදරු පියෙකි.

උදැසන හයට ඔහුගේ කෑ ගසන ශබ්දය ඇසී ප්‍රදේශවාසීන් රැස් වී ඇති අතර එහිදී රහසේ අටවා තිබූ විදුලි රැහැනක ඔහු පැටලී සිට ඇත. පසුව විදුලි රැහැන විසන්ධි කර ඔහුව එම ස්ථානයෙන් ඉවත් කළ බවත් ප‍්‍රදේශවාසීන් පවසයි.

අසල තිබූ විදුලි කණුවකින් රහසිගතව මෙම විදුලි රැහැන ඇද තිබූ බවත් සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ මෙම විදුලි රැහැන මියගිය පුද්ගලයා විසින්ම ඇද තිබුණාද නැතිනම් වෙනත් අයෙකු විසින් ඇද තිබුණාද යන්න පිළිබඳව දිඹුල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

02

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>