සනත් ජයසූරිය එජාපයට එක්වෙයි

null

සන්ධාන හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා මාතර ආසනයේ හිටපු සංවිධායක සනත් ජයසූරිය මහතා ඊයේ (11) එක්සත් ජාතික පක්ෂයට එක්විය.

මාතර අපේක්ෂක සාගල රත්නායක මහතාගේ මාතර පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සනත් මෙසේ එජාපයට එක්විය. එහිදී ඔහු මෙසේ සඳහන් කර තිබේ…

“මාතර දිස්‌ත්‍රික්‌කයේ ජනතාවට සේවය කරන්නේ කොහොමද කියන කලකිරීම මට තිබුණා. දිස්‌ත්‍රික්‌කයේ ජනතාව වෙනුවෙන් වැඩක්‌ කරන්න බැරිවීම ගැන කලකිරීමකින් මම හිටියේ”

“අද දවසේ සාගල රත්නායක මහතාගේ දේශපාලන ව්‍යාපාරයට සහාය දක්‌වන්න මම තීරණය කළා. සාගල කියන්නේ මගේ සහෝදරයෙක්‌ වගේ කෙනෙක්‌. මාතර දිස්‌ත්‍රික්‌කයේ ජනතාවට හොඳ දේශපාලනඥයෙක්‌ අවශ්‍යයි. මට දිස්‌ත්‍රික්‌කයේ ජනතාවට හරි දේ කරන්න බැරිවූ නිසා මම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉල්ලා අස්‌වුණා.

අස්‌වෙන්න තීරණය කළේ මමමයි. පසුගිය අවුරුදු පහක කාලයේදී මට පුළුවන් ආකාරයට ජනතාවට සේවය කළා. ආයෙත් ජනතාව රවට්‌ටලා යළිත් ඡන්දය ඉල්ලන්න මම සූදානම් නෑ. දේශපාලන පක්‍ෂයක්‌, පාටක්‌ නොබලා හොඳ අය පාර්ලිමේන්තුවට යවන්න. ජනතාව වෙනුවෙන් සේවය කරන්න ජනතාවගේ මුදල් කොල්ල නොකන අය පාර්ලිමේන්තුවට යවන්න. මාතර දිස්‌ත්‍රික්‌කයේ සිටින ඊට සුදුසුම පුද්ගලයා සාගල රත්නායකයි.

මාව පසුගිය මැතිවරණයේ ප්‍රථමයා කළා වගේම සාගල වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යවන්න.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>