සන්ධානයෙන් නොලැබුනොත් ජාතික පෙරමුණෙන්

null

එළඹෙන මහමැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා නොලැබුනොත් ශ්‍රී ලංකා ජාතික පෙරමුණෙන් තරග වදින බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

විමල් ගීගනගේගේ පක්ෂ ලේකම් ධූරයෙන් යුතු ශ්‍රී ලංකා ජාතික පෙරමුණෙන් ‘මල් පොහොට්ටුව’ ලාංඡනයෙන් තරඟකරනු ඇත.

මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවූ බවට පසුගියදා එම සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්විණි.

නමුත් එම නිවේදනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන නොමැති අතර ඔහු මේ වනතෙක් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් ද සිදුකර නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>