සන්ධානයේ නායකයන්ට ජනපතිගෙන් කැඳවීමක්

null

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් අද (31) පැවැත්වේ.

පෙරවරු 9ට ජනාධිපතිවරයාගේ නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ප‍්‍රකාශ කර ඇත්තේ රැස්වීමක් සඳහා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයා වෙතින් ඉල්ලීමක් කර ඇති බැවින් මෙම හමුව සිදුකරන බවයි.

රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී සන්ධාන නායකයන් සමග සාකච්ඡා කරනු ඇති.

එමෙන්ම පාර්ලිමේන්තුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>