සන්ධාන ෆේස්බුක් ගිණුම මෛත්‍රී බලෙන් අරන්ලු

null

එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ ෆේස්බුක් ගිණුම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බලෙන් අත්පත් කරගත් බව සඳහන් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයට (ICTA) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

https://www.facebook.com/slupfa යන සන්ධාන ෆේස්බුක් ගිණුම මෙසේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙසේ බලෙන් පවරාගෙන ඇති බව සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසා තිබේ.

මෙම ගිණුම UPFA – a Bright Future ලෙස නම්කර තිබෙන අතර ඒ සඳහා 103,104 දෙනෙකු (ඊයේ (14දා) වනවිට) කැමැත්ත පළකර තිබේ.

කෙසේ වෙතත් පසුගියදා සිට මෙම ගිණුමේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කරමින් ඔහුගේ වීඩියෝ දර්ශන, ඡායාරූප හා කතා ඇතුළත් කර තිබේ. එම ගිණුමේ ඇඩ්මින් (admin) සටහනක් තබා ප්‍රකාශ කර තිබුනේ 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ජනාධිපති මහින්ද රාපජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා ස්වෙච්ඡාවෙන් සේවය කළ පිරිසක් මෙම ෆේස්බුක් ගිණුම කළමනාකරණය කළ බවත්, ඒ සත්‍ය වශයෙන්ම සුබ අනාගතයක් වෙනුවෙන් බවත්, වර්තමාන පාලනය තුළ එවැන්නක් පෙනෙන්නට නැති හෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පත්වීමෙන් පසු ඔහුට සහාය දැක්වීමට තීරණය කළ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එසේම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කිරීමෙන් පසු (Likes) 40000ක්ව පැවැති එම ගිණුම 60,000කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වූ බවද ඔවුන් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසන්නේ අදාළ ෆේස්බුක් ගිණුම සන්ධානයේ නමින් නැවත ස්ථාපිත කළ යුතු බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වා ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ අදාළ ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිකමක් පවතින බවයි. එසේම තනි පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක් පිළිබඳව කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැකි බවත්, එය හිමි කරගැනීමට කටයුතු කරනවා නම් ඒ සඳහා උත්සාහ කරන ලෙසත් රාජිත සේනාරත්න මහතා පවසයි.

අයි.සී.ටී.ඒ. ආයතනයේ සන්නිවේදන අධ්‍යක්ෂ අතුල පුෂ්පකුමාර මහතා පවසන්නේ සර්ට් ආයතනයට මේ පැමිණිල්ල ලැබී තිබෙන බවත්, මෙම ගැටලුව ෆේස්බුක් බලධාරීන් සමග කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

ඇඩ්මින් සටහන් කර තිබු ප්‍රකාශය

null

අද පුවත්පතේ වාර්තාවක් ඇසුරිනි

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>