සනී ලියොන් ගෙන්වනවට විමල්ගෙන් දොස්

null

නිරූපිකාවක් සහ චිත්‍රපට නිළියක් වන සනී ලියෝන් මෙරටට ගෙන්වා කැසිනෝ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඊයේ (04) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා පවසන්නේ පසුගිය කාලයේ කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව හඬ නැගූ පුද්ගලයින් මේ වන විට මේ පිළිබඳව නිහඞ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවයි.

පසුගිය කාලයේ මෙවැනි දේවල් සම්බන්ධයෙන් හඬ නැඟූ අතුරලියේ රතන ස්වාමින් වහන්සේ දැන් කොහේද? උන්වහන්සේ ආරණ්‍යවාසි හෝ වනවාසී වී දැයි ඔහු ප්‍රශ්න කළේය.

සෝභිත හිමියන් නම් අසනීප වී විදේශ ගතව සිටින බව දන්නේ යැයිද විමල් වීරවංශ මහතා පැවසුවේය.

කෙසේ හෝ සනි‍ ලියෝන් ගෙනවන්නේ නැතිනම් එය එසේ නොවේයැයි ආණ්ඩුව කිව යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>