සඳහිරු සෑයේ ධාතූ තැන්පත් කිරීම අද

null

අනුරාධපුර සඳහිරු සෑයේ ධාතූ තැන්පත් කිරීමේ පූණ්‍යෝත්සවය අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

තිස් වසරක් පැවති යුධ ජයග්‍රහණය සැමරීම උදෙසා සහ රටට නිදහස ලබා දුන් රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් මෙම චෛත්‍ය ගොඩනගනු ලබනවා.

ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවන සඳහිරු සෑයේ උස අඩි 280 ක් හා අඟල් 09කි. අඩි 50කට ආසන්න ගැඹුරක සිට පාද ඉදිකර ඇත. එහි විශ්කම්භය අඩි 255 කි. සඳහිරුසෑයේ වට ප්‍රමාණය අඩි 802 කි. සඳහිරුසෑය නිර්මාණය කිරීමේදී මෙය ලෝකයේ ඉදිවන විශාලම කලාගාරයක්ද බවට පත් වෙනු නොඅනුමානය.

මේ චෛත්‍ය වැඩකටයුතු නිම කිරීමට අදහස් කරගෙන සිටිනුයේ 2016 වසර අගභාගයේ හෝ 2017 වසර මුල් කාලයේදීය.

මෙම පූණ්‍යෝත්සවයට 5000කට අධික භික්‍ෂුන් වහන්සේලා සහ ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් එක්වීමට නියමිතයි.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>