සඳුදා සිට නොමිලේ ‘වයිෆයි‘ ලැබෙන ප්‍රදේශ මෙන්න

null

දින සියයේ වැඩපිළිවෙල යටතේ රටම ආවරණය වන අන්දමින් නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩසටහන පසුගියදා ආරම්භ කරන ලදී.

එහි මූලික පියවර යටතේ වයිෆයි කලාප කිහිපයක් ලබන සතියේ සඳුදා සිට ආරම්භ කිරීමට සුදානම් බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ වැඩසටහන් කළමණාකරු ගවස්කාර් සුබ්‍රමනීයම් මහතා හිරු නිව්ස් වෙත සඳහන් කර තිබේ.

මෙහි සමාරම්භක නිල උත්සවය ලබන සඳුදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විමට නියමිත ය.

උත්සවයට සමගාමීව ‘වයිෆයි‘ කලාප 26ක් ඇරැඹිමට සුදානම් අතර මෙම ප්‍රදේශ වල දුම්රිය ස්ථානයන්,බස් නැවතුම්පළවල්,රෝහල්,මහජන පුස්තකාල, ගුවන් තොටුපල, සහ සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථානයන් වල නොමිලේ ‘වයිෆයි‘ ලබා ගත හැකිය.

මුලික අදියරේ නොමිලේ ‘වයිෆයි‘ ලබා දෙන ප්‍රදේශ මෙලෙසය.

කොළඹ කොටුව
පොළොන්නරුව
මාතර
යාපනය
නුවර
ගාල්ල
පේරාදෙණිය
කටුනායක
රත්නපුර
දෙහිවල
නුවර දළදා මාලිගාව
මිරිදිවල
බත්තරමුල්ල

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>