සම්බන්ධන් විපක්ෂ නායක කිරීම නිවැරදියි

null

දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සඳහා පත්කිරීම නිවැරදි බවත් එම තීරණයට තම පක්ෂයේ සහාය හිමිවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සිදුව ඇති බවයි.

ඔහු වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කර තිබේ…

පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව මේ පාර්ලිමේන්තුවේ වික්‍ෂනායක ධුරය හිමිවිය යුතු වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයටයි. ඔවුන් තීරණයක් අරන් තිබෙනවා, විපක්‍ෂ නායක ධුරයට පත්කරන්නේ ආර්. සම්බන්ධන් මහත්මයා බව. බැලූ බැල්මටම මේ පත්කිරීමට සුදුසු ඉඩක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සම්ප‍්‍රදායට සහ ව්‍යවස්ථාවට අනුව තිබෙනවා.

මේ තත්ත්වය යටතේ විපක්‍ෂනායක ධුරය නොදී සිටියා නම් තමයි ඉතාමත්ම භයානක තත්ත්වය ඇතිවෙන්නේ. ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ අවස්ථාව තිබියදී පවා අපිට නිසි තැන ලබාදෙන්නේ නැහැ කියන දේ ඔවුන් ජාත්‍යන්තරයට කියනවා. ඒ වගේම අපිට අපේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙන පාර්ලිමේන්තුවක් ගොඩනගා ගත යුතුයි කියන තර්කය ජාතිකවත් ජාත්‍යන්තරවත් ප‍්‍රබල ලෙස ගොඩනැගෙනවා.

එනිසා සිදුවිය හැකි හානිය සහ විනාශය වළක්වා ගැනීම පැත්තෙන් කල්පනා කළත් විපක්‍ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට දිය යුතුව තිබෙනවා. මේ තත්ත්වය බරපතළයි කියලා සමහර අය දොඩවන්න පටන්ගෙන තිබෙනවා. ඒ මහත්තුරුන්ට අපි කියන්නේ එක දෙයයි. ඒ තරම්ම දේශපේ‍්‍රමී නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරු සියලූ දෙනා විපක්‍ෂයේ වාඩි වෙන්න. එතකොට ප‍්‍රශ්නය ඉවරයි.

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා හෝ සම්බන්ධන් මහත්මයා පතුරුගහන්න ඕන නැහැ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>