25 Dec 2014
සමීක්ෂණ වාර්තාවලින් මගේ ජය තහවුරුවී අවසන්
ඉදිරි ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්ව සිටින මෛත්රීපාල සිරිසේන මහතා සමීක්ෂණ වාර්තාවලින් තමාගේ ජය තහවුරු බව ප්රකාශ කර තිබේ.
දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි මෙවර ජනාධිපතිවරණයෙන් තමා ජය ගන්නා බවට සමීක්ෂණ වාර්තා වලින් මේවන විටත් තහවුරු වී ඇති බවත්, වර්තමාන රජය මේවනවිටත් පරාජය බාරගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කර තිබේ.
ඒ දෙහිවල ප්රදේශයේ පැවති ජනහමුකට එක්වෙමිනි.