සමුගෙන යන සංගාට මිලියන දෙකක තිළිණයක්‌

null

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අද පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. අද ආරම්භවන තරඟය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර සහභාගිවන අවසන් ටෙස්ට් තරඟයයි.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන දෙකක්‌ පමණ වටිනා සමරු තිළිණයක්‌ ඔහුට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු යොදා ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

රන් ආලේපිත පිත්තක නිල් මැණික්‌වලින් අලංකාර කර ඇති අදාළ සමරු සිහිවටනයේ කේ සහ එස්‌ අකුරු දෙකත් සංගක්‌කාරගේ සුවිශේෂී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ වාර්තා කිහිපයකුත් සටහන් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. මෙම සමරු තිළිණය නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් ලක්‍ෂ විස්‌සකට ආසන්න මුදලක්‌ වැය වී ඇතැයි වාර්තා වේ.

37 හැවිරිදි කුමාර් සංගක්‌කාර අද සහභාගි වන්නේ ඔහුගේ 134 වැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට යි. සංගක්‌කාර එහිදී ද්විත්ව ශතකයක්‌ වාර්තා කළහොත් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමග ලොව වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවක්‌ (12) ලැබූ ක්‍රීඩකයා ලෙස සමතැන් ගැනීමට හැකිවනු ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>