30 Dec 2014
සරත් මනමේන්ද්‍රගේ සහය ජනපතිට
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි.
ඔහු කියාසිටියේ තමන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී සිය තීරණය දැනුම් දුන් බවයි. එමෙන්ම ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තරග නොකරන බවත් එහිදී ප්‍රකාශ කර තිබේ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකටද තමන් අද දිනයේ සහභාගි වන බව සරත් මනමේන්ද්‍ර මහතා වැඩිදුරටත් සදහන් කරයි.