සරසවි සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

null

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නියැලි සිටි සරසවි සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පැවති එම විරෝධතාවට සහභාගි වූ සිසුන් පාගමනකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලට පැමිණෙමින් සිටියදී එම ප්‍රහාරය එල්ල වූ බව වාර්තා වේ.

උද්ඝෝෂණය හේතුවෙන් එම අවස්ථාවේ දැඩි වාහන තදබදයක් තිබී ඇති අතර වෝඞ් පෙදෙසේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබේ.

පොලීසිය එල්ල කළ එම කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයෙන් සිසුන් පිරිසක් රෝහල් ගත කිරීමට ද සිදුවූ බව ශිෂ්‍ය එකමුතුවේ ප‍්‍රකාශකයෙකු සදහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>