සරසවි සිසුන්ට පොලීසියෙන් කදුළු ගෑස්

null

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (31) විරෝධතා පා ගමනක් සංවිධානය කරන ලදී.

පෞද්ගලික විශ්වවිද්‍යාල ආහෝසි කරන ලෙසට සහ පාසල් දරුවන්ගෙන් මුදල් එකතු කිරීමට නිකුත්කර තිබෙන චක්‍ර‘ලේඛය අහෝසි කර මහපොළ ශිෂ්‍යාධාර මුදල වන රුපියල් හාරදහසක මුදල නිවැරදි ලෙස ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අරලියගහ මන්දිරය දක්වා ශිෂ්‍ය පා ගමනක් සංවිධානය කර තිබිණි.

කෙසේ වෙතත් මෙම පා ගමන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අරලියගහ මන්දිරය දක්වා ගමන් කරමින් සිටියදී කොල්ලුපිටිය මංසන්ධියේදී පොලීසිය මාර්ග බාධක යොදා එය නැවැත්වීමට උත්සාහ කළේය. එම අවස්ථාවේදී ශිෂ්‍යයන් සහ පොලීසිය අතර යම් උණුසුම් තත්ත්වයක් හටගැනීම නිසා පොලීසිය ජල ප්‍රහාරක රථ යොදා ජල ප්‍රහාරයක් එල්ල කළ අතර, පසුව බැටන් පොලු ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය.

මෙහිදී සිසුන් කිහිපදෙනෙකු තුවාල ලැබූ අතර එහිදී පොලීසිය සිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේය.

මේ නිසා අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් මුදාහරින ලෙස ඉල්ලා කොල්ලුපිටිය මංසන්ධිය අසලදී මාර්ගය හරස් කරමින් බිම වාඩි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සත්‍යග්‍රහයක්ද පැවැත්වූහ. පැයකට අධික කාලයක් බිම වාඩි වී සත්‍යග්‍රහය සිදුකළ අතර, පසුව ශිෂ්‍යයන් හතරදෙනා මුදාහැරීමත් සමග ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විසිර ගියහ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 5 දෙනෙකු තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මේ අතර ඊයේ (31) රාත්‍රියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් 6 දෙනෙකු සිද්ධියේදී තුවාල ලබා රෝහල් ගතකළ අතර ඔවුන්ගෙන් එක් අයෙකු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි. ශිෂ්‍ය නියෝජිතයන් පස්දෙනෙකුට බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දුන්න ද සිසුන් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුණු බව ද ඔහු සඳහන් කර ඇත.

null
null
null
null
null

pics – නෙත් නිව්ස් 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>